saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 3140 hours ago

LATEST

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයක් ඩිජිටල්කරණයට

calendar_today 2023 ඔක් 16 - 12:10 remove_red_eye - 737  

වසර 2030 වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමු කරමින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් උපයාදීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කර ඇති “ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වූ 2030 උපාය මාර්ගික ක්‍රියාවලිය” වෙනුවෙන් ලෝක බැංකුවේ අඛණ්ඩ තාක්ෂණික සහාය හිම

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කුමන ජාතික උද්‍යානයට වසර 4 කට පසු විශාල ආධායමක් ලැබී තිබේ .

Read More

ඒ අනුව අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත්, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩබලන පරිසර

Read More

කඳාන හා ඒ අවට ප්‍ර දේශවල සිදුවූ වෙඩි තැබීම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

යාපනයේ ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400ක් දක්වා ව්‍යාප්ත කරනවා. ඒ වගේම TEJC අඹ ව්‍යාපෘතිය යටතේ දැන් වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත්. ඉදිරියේ දී අප රටට විශාල අඹ අස්වැන්නක් එනවා. ඒ නිසා මෙම අඹවලට වෙළෙඳපොලේ ඇති ඉල්ලුම වැටෙන්නට නොදී පවත්වාගෙන යා යුතුයි. ඒ නිසා දැනට යෝජනා කර තිබෙන ව්‍යාපෘති හැර වෙනත් අඹ වගාවන් උනන්දු කිරීම නොකළ යුතුයි. වෙනත් අපනයනය කළ හැකි බෝගසඳහා ගොවීන් උනන්දුකිරීමට අපි පියවර ගන්නවා

Read More

මෑත කාලීන අර්බුදවලින් ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණෙද්දී, ශ්‍රී ලංකාව දිගුකාලීන තිරසාර බවට ප්‍රමුඛත්වය දෙමින්, එහි සියලුම පුරවැසියන්ට ආහාර ආරක්ෂිතතාව සහතික කරමින් සහ සෙසු රටවලට ආදර්ශයක් ලබා දෙමින් කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදනය සහ ජල කළමනාකරණය යන ක්ෂේත්‍රවල විප්ලවීය වෙනසක් ඇති කිරීමට නව්‍ය ප්‍රවේශයන් වැලඳ ගත යුතුය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරයක් සඳහා ඊයේ (15දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.

Read More

පැවති ධාරානිපාත වර්ෂාව සමඟ අද 15 දහවල් බණ්ඩාරවෙල වන නගරය ජලයෙන් යට වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයට වටවල හා ගලබොඩ දුම්රිය ස්ථානය අතර ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අද (15දා) දහවල් සිට බාධා එල්ල වී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Read More

පවතින වැසිසහිත කාලගුණික තත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 04 ක් අඩි 03 බැගින් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 8400 බැගින් ජලය නිකුත් කෙරේ. දැදුරු ඔය දියනෑම ඇතුලු දෛනික කටටුතු සිදුකරන දැදුරු ඔය නිම්නයේ ජනතාව මේ පිළිබද සැලකිලිමක් වන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ. මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Read More

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියදී හදිස්සි අනතුරකට ලක්වූ සිසුවකුට පොලිස් නිලධාරියෙකුගේ ක්ෂණික මැදිහත්වීම මත යළි විභාගයට පෙනී සිටීමට හැකි වීමේ පුවතක් බොරලැස්ගමුවෙන් වාර්තා වේ.

Read More

දෙඹර කූඩුවක් ඇවිස්සීී දෙඔරුන් දෂ්ඨ කිරීමෙන් රෝහල් ගත කල සත් දෙනෙකුගෙන් එක් අයෙකු මරණයට පත්ව,කාන්තාවක් නිකවැරටිය රෝහල් දැඩි සත්කාරයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අද (15) හාලිඇල දීගල්ල ගම්මානයේ සිට පැමිණි සිසුන් ට බස්රථ නොමැති වීමෙන් සිසුන් මෙන්ම දෙමව්පියන් ද දැඩි අපහසුතාවට පත්ව සිටියහ . දීගල්ල උඩගම සිට උදෑසන 5.55ට සහ උදෑසන 6.30 බදුල්ල බලා ශ්‍රී ලංගම බස්‍ රථ දෙකක් ගමන් ආරම්භ කලද,5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවති අද (15) දිනයේ ඉන් එකදු බස්රථය ක් හෝ ධාවනය නොවු බවද දීගල්ල උඩගම ගම්වාසීන් කීහ .

Read More

සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් පහක විදේශිකයින් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි සංචාරක අමාත්‍යංශය පැවසීය. ඒ අනුව චීන,රුසියා,ඉන්දියා,තායිලන්ත ඉන්දුනීසියාව යන රටවල් වලින් පැමිණෙන සංචාරකයින් සඳහා නිදහස් වීසා අවස්ථාව හිමිවනු ඇත.

Read More

නැගෙනහිර පළාතේ පාසල් වල තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හා සති අන්ත දිනවල මුදල් අයකර උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරිම සම්පූර්ණයෙන් තහනම් කරමින් පළාත් අධ්‍යාපන ලේකම්වරයා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

Read More

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් අද (15දා) පෙරවරුවේ විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

Read More

අන්තර් ජාලය ඔස්සේ ජංගම දුරකතනයෙන් වීඩියෝ ගේම්වලට ඇබ්බැහිවූ දහතුන් හැවිරිදි සිය භාරකාරීත්වයේ සිට්න පිරිමි දරුවා එයින් මුදවා දෙන්නයි ඉල්ලමින් මවක් දැමූ පැමිණිල්ලකට අනුව සිකුරාදා (13) පස්වරුවේදී බෙන්තොට පොලීසිය විසින් බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළේය.

Read More

කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (14දා) පස්වරුවේ සිරුරට ගිනි තියා ගැනීමෙන් තුවාල ලැබූ හිටපු යුද හමුදා සෙබලෙකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

ආබාධයකට ලක්ව ඇති ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට ලෝක කුසලානය අහිමි වී තිබේ. ඒ අනුව ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබේ පාකිස්තානය හා පැවැති තරගයේදී මස්පිඩු ආබාධයකට ලක්ව ඇති දසුන්ට සති තුනක පමණ කාලයක් එයින් සුව වීම වෙනුවෙන් වැය වෙනු ඇතැයි වාර්තා වෙයි.

Read More

දූෂණය වංචාව ඉහවහ ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත් බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරා කන අන්ත දුෂිත තත්ත්වයක් මතුව ඇති බවත් වත්මන් රජය හොර පාරෙන් හොර ක්‍රමවේදයකින් හොර සමාගමක් හරහා හොර පිළිකා බෙහෙතක් ගෙන්වා ඇති බවත් මේ බෙහෙත නිසා සුවවිය හැකි පිළිකා රෝගීන් පවා අනිවාර්යෙන් මිය යන බවත් මෙවැනි සාපරාධි ක්‍රියා සිදු කරමින් මුදල් හම්බකරන බඩගෝස්තරවාදී දේශපාලනය අප රටින් තුරන් වීමට ඩිජිටල්කරණය අත්‍යාවශ

Read More

ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Read More

නව පොලිස්පතිවරයෙක් පත්කිරීමෙ අර්බුදය තවදුරටත් දිග් ගැස්සෙමින් පවතින බව රජයෙ අභ්‍යන්තර වාර්තා සඳහන් කරයි.

Read More

රටේ ජනතාවට අලුතින් බදු පැනවිය නොහැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

Read More

ළාබාල තරුණියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ ආයතනයක් මගින්, නීතිවිරෝධී ලෙස කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සදහා පිටත් කිරීමට තැත් කරමින් සිටිය දී 10/13 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආසියානු සංවර්ධන බැංකුව ඇ. ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන්ගේ ගැටලු විසදීම සදහා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

සෞදි අරාබියාවේ ගෘහ සේවයට ගිය මෙරට කාන්තාවක් පෙට්‍රල් වත්කොට සිරුරට ගිනි තබා මේ වන විට එරට රැඳවුම් මධ්‍යස්ථානයක සිටින බවත් ඇයව කෙසේ හෝ ලංකාවට ගෙන්වා ගන්නනැයි සෞදි අරාබියාවේ සිටින ලාංකික පිරිස් රජයෙන් ඉල්ලා සිටිති.

Read More

ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 හැවැරිදි සිසුවෙක් ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි මතුගම පොලීසිය පවසයි.

Read More

හත්වන වසරේ ඉගෙනුම ලබන අවුරුදු 12 මාස 01 වයසැති තම දියණියට ලිංගික අතවරකළ ඇයගේ පියා ඉකුත් (12) වෙනිදා ඇතිමලේ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

මේ දිනවල පාසල් දරුවන් සහ වැඩිහිටියන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝගයක් පැතිර යයි. එම රෝගය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්ව කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික ,මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතා පෙන්වා දෙයි.

Read More

කාසල්රි සහ මවුස්සාකැලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.