saravita-anim2

2025 ජුලි මස 12 වන සෙනසුරාදා

2025 ජුලි මස 12 වන සෙනසුරාදා

Latest News - timelapse 2805 hours ago

LATEST

තරඟයට ආ බස් රථ එකිනෙක ගැටී හයකට තුවාලයි

calendar_today 2023 ඔක් 08 - 17:29 remove_red_eye - 495  

මගීන් නංවා ගැනීම සඳහා තරඟයට ධාවනය යෙදුණු පෞද්ගලික බස් රථ දෙකක් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ මූලස්ථාන පොලීසිය කියයි

පහ වසර ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ මානසික ආතතිය වැඩි කරන විභාගයක් බවට පත්ව ඇති බවත් තරගකාරීත්වය කින් තොරව සහජ දක්ෂතාව මත දරුවාගේ දැනුම මට්ටම හඳුනා ගැනීමේ අරමුණෙන් පවත්වනු ලැබූ එම විභාගය මේ වන විට ව්‍යාපාරික අරමුණු ඔස්සේ පෙළගැසුණු අමතර පන්ති හා වැඩමුළු බවට පත්ව ඇති බව මහනුවර ජාතික රෝහලේ හිටපු විශේෂඥ මනෝ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

අනුරාධපුර නව නගර මධ්‍යයේ පිහිටා ඇති කුම්බිච්චන්කුලම වැවේ ලක්ෂ ගණනින් මත්ස්‍යයන් මිය යෑම පාලනය වෙමින් පවතින බවත් ඊයේ (8දා) වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි මසුන් නගර සභා සේවකයන් මගින් ඉවත් කිරීම සිදු කෙරුණු බව නගර වැසියෝ පවසති.

Read More

මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැන තර්ජනය කළ කන්ටේනර් රථ රියදුරන් තිදෙනෙකුට දඩ මුදලක් හා වන්දි මුදලක් ගෙවීමට සිදු වු බව මහබාගේ පොලීසිය පවසයි.

Read More

මිහින්තලේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවට ආහාර සපයන පුද්ගලයෙකුගෙන් අල්ලස් ලෙස, මත්පැන් බෝතලයක් සහ පැණි බීම බෝතලයක් ලබා ගත් රජරට විශ්වවිද්‍යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, විශ්ව විද්‍යාල කාර්යමණ්ඩලයේ පිරිසක් රැක සිට අල්ලා ගෙන පොලීසියට භාර දුන් බව මිහින්තලේ පොලිසිය පවසයි.

Read More

මහියංගන රජමහා විහාරයේ පෙරහරට සම්බන්ධ වීමට පැමිණි සීතා ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධිය යට ගැසීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට හැඟී යන බැවින් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළ බව එම ඇතින්නගේ හිමිකරු වන එස්. එම්. රොෂාන් මහතා පවසයි.

Read More

අයහපත් කාලගුණය නිසා හෙට (9දා) සහ අනිද්දා(10දා) ගාලු දිසාවේ සියලුම පාසල් වසා දැමීමට දකුණු පළාත් අධයාපන අමාතයාංශය කියයි.

Read More

යාපනය චුන්නාකම් පොලිස් වසමේ පුන්නාලෙයි කට්ටුවාන් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ (07) රාත්‍රියේ ඇති වූ ගැටුමක් හේතුවෙන් යතුරුපැදි 03 ක් ගිනිගෙන සම්පූරණයෙන්ම විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල මිලිමිටර් 23 ක වර්ෂාපතනයක් ලැබුණු බවත්, ඒ අනුව කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය වෙනුවෙන් පාවිච්චි කරන ලදැයි කියන රුපියල් ලක්ෂ විසිහයක හිග විදුලි බිල ගෙවා දැමූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට තමන්ගේ හිග විදුලි බිල් පත් ද ගෙවා දමන ලෙස ඉල්ලමින් පිටිගල, අමරගම වැසියෝ සිය විදුලි බිල් පත් ඒ මහතා ට ලැබෙනසේ තැපැල් කර යැවීමට පියවර ගත්හ.

Read More

බද්දෙගම හරහා ගලා බසින ගිංගගේ ජල මට්ටම පිටාර මට්ටමේ පවතින බැවින් මහා ගංවතුරක් පැමිණිය හැකි හෙයින් බද්දෙගම ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ගමන් ගන්නා ලෙස් ගාල්ල දිස්තික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

Read More

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද (8) අළුයම 1 .00 ට පමණ බදුල්ල - කොළඹ මහා මාර්ගයේ 5 කනුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 පමණ පහලින් පිහිටි බදුළුඔයට වැටී අනතුරට ලක්වී තිබේ.

Read More

ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව හා ශ්‍රි ලංකාව අතර පැවැති තරගයෙන් ලකුණු 102ක ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තඹුත්තේගම පොලිස් වසමේ රාජාංගනය නවසිරිගම ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් ඇණ කාන්තාවක ඝාතනය කර ඇත.

Read More

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු පහකට ලකුණු 428ක් රැස්කරමින් ලංකාවට දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නේය.

Read More

මාධ්‍ය මගින් මත් දුම්වැටි හා මත්පැන් ප්‍රවර්ධනය වීම වැලැක්වීට කමිටුවේ අවධානය මන්ත්‍රීවරු 225 දෙනාගේම අත්සනින් මත් උවදුර තුරන් කරන්න, පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න - විපක්ෂ නායක වරයාගෙන් යෝජ නාවක් දුම්වැටි හා මත්පැන් අලෙවියෙන් ආණ්ඩුවට ලැබෙන බදු ප්‍රමාණයන් ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි - ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් කමිටුව හමුවට කැඳවීමට තීරණයක්.

Read More

ගිංගඟ පිටාර ගැලීම නිසා ගාල්ලේ නගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යට අයත් නාගොඩ නගරය මාපලගම නගරය උනන්විටිය කුරුපනාව ගොනලගොඩ පාතවැලිවිටිය වාඩුවැලිවිටිය ආදී ප්‍රදේශවල මාර්ග රැසක්ම සෙනසුරාදා (07) සවස්වෙද්දී ජලයෙන් යටවෙමින් තිබූ අයුරුයි මේ.

Read More

විදේශ ගත ශ්‍රි ලාංකිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ දිවයිනට එවූ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2023 වසරේ මුල් මාස 8 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 3863 විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට ලැබී තිබේ.

Read More

එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද (07දා) දකුණු අප්‍රිකවට එරෙහිව පැවැත්වෙයි.

Read More

රුපියල් දොලොස් කෝටි විසි ලක්ෂයක් වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 18 බරැති තොගයක් කැනඩාවේ සිට ත්‍යාග ලෙස සදහන් කරමින්, ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ලිපිනයකට එවා තිබියදී පෑලියගොඩ මිඩ්කෝ ගුදම් බඩු ගබඩාවේ සේවය කරන රේගු නිලධාරීන් පිරිසක් විසින් 10/06 දින සවස අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

Read More

වෙරිටේ රිසර්ස් ආයතනය සිදු කළ සමීක්ෂණයක් අනුව මෙරට ජනගහනයෙන් සියයට 28කට පමණක් අයි.එම්.එෆ් ගිවිසුමෙන් වාසි සිදුවන බවත් එම අගය අයි. එම්. එෆ්. එකේ දෙවැනි වාරිකය නොලැබී යාමත් සමඟ තවත් පහළ වැටී ඇති බවත් හියුමන් ෆ්ලයිට් ඇන්ඩ් බ්‍රෙර්ය් ඩේ‍රයින් ඉන්ඩෙක්ස් එකට අනුව අප රට 2007-2023 අතර කාලයේ දළ වශයෙන් 7.23ක ශ්‍රේණිගත කිරිමක සිටියත් මේ මොහොත වන විට එය 8.4ක් වී ඇති බවත් රටවල් 177ක සාමාන්‍ය අගය ද 5.42ක් බවත් අපේ රටේ අගය ලෝකයේ අගය පවා අභිබවා ගොස් ඇති බවත් විප

Read More

බිබිල බදුල්ලගම්මන කුඩාකිවුල ප්‍රදේශයේ මැණික් පතලක් කඩා වැටීමෙන් එයට යටවීමෙන් පුද්ගලයකු ඊයේ (5) රාත්‍රි මියගිය බව බිබිල පොලිසිය පවසයි .

Read More

මොනරාගල පොලිස් වසමට අයත් සිරිගල මොණරකැළේවත්ත (උඩකොටස) පදිංචි මාස 04 වයසැති තම දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ 31 හැවිරිදි පියා ඉකුත් (05) වෙනිදා මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

සිය දියණිය සමග කැස්බෑව හල්පිට පදික මාරුව මතින් ගමන් ගත් පෙර පාසල් ගුරුවරියක් මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.

Read More

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇතැයි කොළඹ ජාතික රෝහල් වාර්තා පවසයි.

Read More

සිය ජංගම දුරකථනයට රීලොඩ් ලබා නොදීම හේතුවෙන් කඩ හිමියාගේ නිවස බිද, 27 ලක්ෂයකට අධික දේපල සොරා ගත් පුද්ගලයකු කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

ගුවන් ගමන් ප්‍රමාද කිරීම මගින් ගොඩනැගෙමින් පවතින සංචාරක ආර්ථිකය යළි බිඳ වැට්ටවීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවේද යන්න පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට නිර්දේශ කරන ලදී.

Read More

කලු දුමාරය පිටකරන වාහන වැටලීමට වායු විමෝචන අරමුදලෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි වාහන වායු විමෝචන භාරකාර අරමුදල තීරණය කර තිබේ.

Read More

ඉදිරි දින කිහිපය තුළ කොළඹ මර්මස්ථාන වලට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වන බවට ලැබී ඇති තොරතුර සම්බන්ධයෙන් සනාථ කළහැකි සාක්කි ඉදිරිපත් වී නැතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේකර මහතාට අද (05) දැනුම් දුන්නේය.

Read More

කුරුඳුවත්ත තුරග තරග පිටිය අසල දී තරුණයකු පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගොස් පහර දී රන් මාලයක් ද කොල්ල කා කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දමා ගිය රාජගිරිය පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.