saravita-anim2

2025 ජුලි මස 08 වන අඟහරුවාදා

2025 ජුලි මස 08 වන අඟහරුවාදා

Latest News - timelapse 2801 hours ago

LATEST

රටින් යනවද ඉන්නවද කියා බුද්ධිමතුන් සිතිය යුතුයි

calendar_today 2023 ඔක් 05 - 11:12 remove_red_eye - 973  

ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදවාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බවත්, අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අවාරයේ හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රී පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊයේ (04) දින සිට මුදල් අය ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණ ක්‍රියාවක් බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවැසූහ.

Read More

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අළෙවි කළ 33 හැවිරිදි සුරූපී විවාහක කාන්තාවක් මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 10 යි විනාඩි 27 ක ප්‍රමාද වීමකට ලක් වී තිබේ.

Read More

දුම්රිය නියාමකවරයෙක් හා දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීයෙකු අතර ඇතිවූ ගැටුමට හේතුව දුම්වැටියක් මුල්කරගත් කරුණක් බව වාර්තා වෙයි. මෙම ගැටුම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව ඊයේ දිනයේදී පමණක් දුම්රිය ගමන්වාර 78ක් අවලංගු වූයේය.

Read More

චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 පිරිමි සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (4) පස්වරුවේ සමත් වූහ.

Read More

මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

Read More

වැඩ වර්ජන හෝ වෙනත් කිුයාමාර්ග ගනිමින් රාජකාරියට වාර්තා නොකරන සියලුම දුම්රිය සේවකයින් අදාල ගැසට් නිවේදනයේ සඳහන් පරිදි සේවය අතහැර ගියා සේ සලකන බව රජය නිවේදනය කරයි.

Read More

පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ මහතා පැවසීය.

Read More

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150 කින් ඉහළ දැමූ බවත් රුපියල් 3,835 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල රුපියල් 3,985 ක් දක්වා ඉහළ ගිය බවත් ලාෆ් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.

Read More

වෙඩි වැදුණු සීතා ඇතින්නට කළ ස්කෑන් පරීක්ෂණයේදී එම ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ යොදා ගෙන බවට තහවුරු වී තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.

Read More

ආසියානු ක්‍රීඩා උලෙළේ මීටර් 800 කාන්තා අවසන් තරගයේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් විය.

Read More

දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරියෙකු සහ දුම්රිය උප නියාමකවරයෙකු අතර ඇතිවු ගැටුමෙන් පසු ක්ෂනික දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය නියාමක සංගමය තීරණය කිරීමත් සමග මේ වනවිට දුම්රිය ගමන්වාර 20ක් අවලංගු වී ඇතැයි වාර්තා වෙයි.

Read More

ව්‍යාජ ලියකියවිලි සකස් කර මාස තුනක් වයසැති බිලින්දෙකුගේ රෝගි තත්ත්වයකට ශල්‍යකර්මයක් සිදු කිරිමට අවශ්‍ය බව පවසමින් ගිනිගත්හේන නගරයේ මුදල් එකතු කල කාන්තාවක් ඇතුළු පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු (04) දින සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

Read More

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබේ.

Read More

වාහන ආනයන සීමා කිහිපයක් ඉදිරි සතියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.

Read More

5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන 15 දා දිවයින පුරා මධ්‍යස්ථාන 2888කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු ගෙන යන්න බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මත ලබන 10 වනදා තෙක් ඉදිරි පියවර නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තබේ. අද දිනයේ සෙවය කිරීමෙන් අනතුරුව ඔහු සිය ධුරයෙන් මෙසේ ඉල්ලා අස්වීමට නියමිතය.

Read More

2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.7කින් වර්ධනය වෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකතනය කරයි. ලෝක බැංකුව වසරකට දෙවරක් සිදුකරන පුරෝකතන අනුව මෙසේ ශ්‍රි ලංකාවේ වර්ධනය පුරෝකතනය කර තිබේ.

Read More

මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකු හා දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීයෙකු විසින් අද (04) උදෑසන ගැටුමක් ඇතිකර ගෙන ඇති අතර එය මේ වනවිට දුම්රිය වර්ජනයක් දක්වා දික් ගැස්වී තිබේ.

Read More

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 8ක පරාජයක් ලබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උලෙලෙන් ඉවතට විසිවිය.

Read More

මෙවර රග්බි ලෝක කුසලානයට ක්‍රීඩා කරන ෆිජී කණ්ඩායමේ සෙන්ටර් ක්‍රීඩක ජොශූවා ටුයිසෝවා අභාග්‍යසම්පන්න අත්දැකීමකට මුහුණපා ඇත. ඒ ඔහුගේ හත්හැවිරිදි පුත්‍රයා පසුගිය සතියේදී සිය ජීවිතයෙන් සමුගැනීමයි. ඔහුගේ අවමගුල් උත්සවය මෙම සතියේදී පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් එම අවමගුලට සහභාගි නොවී දිගටම සිය කණ්ඩායම සමගින් තරගාවලියේ රැඳීසිටීමට ජොශූවා තීරණය කර තිබීම කැපී පෙණින.

Read More

ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පුරා දාහත් වසරක් ශ්‍රී ලංකාවට සිහිනයක්ව තිබූ මලල ක්‍රීඩා පදක්කමක් තවදුරටත් සිහිනයක් නොකරමින්, හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ රත්තරන් වටින රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට ඊයේ (03දා) දිනාදුන්නාය.

Read More

මෙම කාළය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව පැවසීය. එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සඳහා අවශ්‍ය පුහුණු වීම් වල නිරත වීමට කටයුතු කරන බව ද ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසීය.

Read More

හෙරොයින් මත් කුඩු ලබා ගැනීමට නොහැකි වූ විට ඊට ආදේශකයක් ලෙස ප්‍රබල වේදනා නාශක භාවිතා කිරීමට තරුණ තරුණියන් පෙළඹී සිටින බවත් සිසේරියන් සැත්කමකට භාජනය වූ මවකට ලබාදෙන වේදනා නාශකය ට වඩා පස් ගුණයකින් වැඩි වේදනා නාශක මාත්‍රා දෛනිකව ලබා ගන්නා පාසල් සිසුන් වාර්තා වන බව ද වෛද්‍යවරයා පැවසීය .

Read More

රුපියල් හාර කෝටි විසි ලක්ෂයක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 35 ක් ඔරුගොඩවත්ත රේගු ආදායම් අධීක්ෂණ අංශයේ පරීක්ෂණ අංගනයේ දී එම නිලධාරීන් පිරිසක් විසින් 10/03 දින දහවල් සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

Read More

මෙරට දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා සුදුසු යාන්ත්‍රණයක් නිර්දේශ කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාන්තා හා ළමා පොලිස් ඒකකය ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන් සැදුම්ලත් මෙම විශේෂ කමිටුව සම්බන්ධීකරණය කිරීමේ කාර්යය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරිණි.

Read More

තිරිඟු පිටි ගැටලුව සම්බන්දයෙන් වෝහාරික විගණනයක් පවත්වන්න - පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට උපදෙස් සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තවත් භාණ්ඩ රැසක බදු අඩු කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය සූදු නියාමන අධිකාරියක් පිහිටුවීමට අදාළව සිංගප්පුරුවේ පවතින ක්‍රමවේදය හා ලංකාවේ නිර් මාණය කිරීමට අපේක්ෂිත ආකෘතිය ගැන සංසන්දනාත්මක වාර්තාවක් ලබා දෙන්න

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.