ජාත්‍යන්තර අවශ්‍යතා ඉටු කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත් රට ආර්ථික වශයෙන් අස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. ජනතාව මත අධික බරක් පටවන වැට් බදු පනත් කෙටුම්පතට පක්ෂව අත ඔසවන්නේ කවුදැයි අගෝස්තු 11 වැනිදා මුළු රටටම දැකගත හැකි බවත්, එසේ අත ඔසවන මන්ත්‍රීවරුන්ට ඉදිරි මැතිවරණයේදී කිසිඳු උදව්වක් නොකිරීමට මෙරට ඡන්දදායයන් අදිටන්කර ගත යුතු බවත් මන්ත්‍රීවරයා පැවසූයේ මීගමුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.