අඩුපීඩන කලාපය දිවයිනට ගිනිකොණ දෙසින් තවමත් පවතින අතර එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන හෙයින් ඉදිරි පැය 12ක කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවලට වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අද (25දා) රාත්‍රියෙදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් මි.මී.150 ඉක්මවූ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ. කි. මී. 80 පමණ දක්වා පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු සහ අනතුරුදායක බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.