කෑගල්ල නගරයේ පැවැත්වෙන නිදහස් සමරු උත්සවය සඳහා කොළඹ නුවර මාර්ගයේ රථවාහන හෙට (03දා) සහ අනිද්දා (04) උදේ 05 සිට උදේ 11.30 දක්වා කාලය තුළ සීමාකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
-
කොළඹ සිට මහනුවර බලායාමට පැමිණෙන කන්ටේනර් රථ, තෙල් බවුසර් සහ භාණ්ඩ පැටවූ ලොරි රථ අලුයම 4.00 සිට අඹේපුස්ස හන්දියෙන් හරවා කුරුණෑගල ඔස්සේ මහනුවර දක්වා ගමන් කරන ලෙසත්, මහනුවර සිට කොළඹ බලා යාමට පැමිණෙන කන්ටේනර්, තෙල් බවුසර් හා ලොරි රථ කටුගස්තොට කුරුණෑගල හරහා කොළඹ බලා ගමන් කරන ලෙසත් පොලිස් මූලස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
-
මීට අමතරව කොළඹ සිටි මහනුවර බලා යාමට පැමිණෙන මගී බස්රථ යට්ටෝගොඩ හන්දියෙන් හරවා ඉඹුල්ගස්දෙණිය හිරිවඩුන්න හරහා කරඬුපන හන්දියට පැමිණ නුවර බලා ගමන් කරන ලෙසත්, නුවර සිට කොළඹ යාමට පැමිණෙන මගී බස්රථද කරඬුපන හන්දියෙන් හිරිවඩුන්න ඉඹුල්ගස්දෙණිය හරහා ගමන් කර යට්ටෝගොඩ හන්දියෙන් ප්රධාන මාර්ගයට පැමිණ කොළඹ බලා ගමන් කිරීම හෝ පොල්ගහවෙල හරහා කොළඹ බලා ගමන් කරන ලෙසත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
-
මීට අමතරව කොළඹ සිට මහනුවර බලායාමට පැමිණෙන සැහැල්ලු වාහන රන්වල හන්දියෙන් පොල්ගහවෙල පාරේ ගමන් කර ඉඹුල්ගස්දෙණිය හිරිවඩුන්න හරහා කරඬුපන හන්දියෙන් නුවර බලා ගමන් කරවීම හා මහනුවර සිට පැමිණෙන වාහන එම මාර්ගයේම ගමන් කරන ලෙසද පොලිස් මූලස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.