සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සකීත නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
රාගම, හොරපෙ දුම්රියපොළ ආසන්නයේ සිදුකළ අදාළ වැටලීමේදී ජීව අත්බෝම්බයක්, කිණිස්සක් සහ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි මෙම සැකකරු මෝටර් රථයක් ද සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රාගම පොලීසිය වෙත බාර දී ඇත.
