ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෙටල් ගල් පිරවූ ටිපර් ලොරි රථයක් අද (22දා) අලුයම රාවණා ඇල්ල 24 කණුව අසලදී අඩි 500 ක් පමණ ප්රපාතයකට පෙරළී අනතුරට ලක්ව ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
අනතුර සිදුවනවාත් සමගම රියදුරා ලොරියෙන් එළියට පැන දිවි ගලවාගෙන ඇති බවත්, ප්රපාතයට පෙරළී ඇති ලොරි රථයට දැඩි හානි සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
.jpg)
.jpg)
.jpg)
.jpg)