හලාවත මුහුදු තීරයේදී මෙරටට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝ 194ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් බිලියන 2කට වඩා වැඩි බව වාර්තා වෙයි.
හලාවත මුතුපංතිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩරයක තිබී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු පොලිස් අත්අංගුවට පත්ව තිබේ.