බෞද්ධ භික්ෂූන් වහන්සේලා අන්තවාදීන් හා ජාතිවාදීන් යැයි පෙන්වා උන්වහන්සේලාගේ බලය බිඳ දැමීට ආණ්ඩුවට සහ ජාත්‍යන්තරයට උවමනාවී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා අද (11දා) පැවසීය.
මෙරටට විරුද්ධව බටහිරින් පැමිණෙන ආක්‍රමණ මැඩ පැවැත්වීම සඳහා පසුගිය කාලයේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගත් බවත්, ඒ සම්බන්ධව ආණ්ඩුව උරණ වී සිටින බවත් ප්රචාරක ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක් වූ මොහොමඩ් මුසම්මිල් මහතා,
“ව්‍යවස්ථාව සම්මත කරන්න ආවත්, රටට අහිතරකරව එන ඕනෑම දෙයකදී උන්වහන්සේලා පෙරමුණ ගෙන විරුද්ධව කටයුතු කළා.ඒ නිසා භික්ෂුන් වහන්සේලා සතු බලය හීන කිරීමේ උවමනාවක් මේ ආණ්ඩුවටත්,බටහිර රටවල් ඇතුළු ජාත්‍යන්තරයටත් තියෙනවා.පසුගියදා මහනුවරදී මුස්ලිම් ජනතාවට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කර තිබුණේ භික්ෂූන් වහන්සේලා අපකීර්තියට ලක්කරලා.
උන්වහන්සේලා සතු බලය දුර්වල කරලා, ජාතිවාදීන් ලෙස හඳුන්වමින් ජාත්‍යන්තරය සතු බලය පාවිච්චි කරලා ජාත්‍යන්තර මාධ්‍ය විසින් සැලැස්මක් දියත් කළා. ඒ නිසා මේක වාසි සහගත වන්නේ සිංහල හෝ මුස්ලිම් සාමාන්‍ය මිනිසුන්ට නෙවෙයි. මේකේ වාසිය ලැබෙන්නේ මව්බිම තම ග්‍රහණයට ගන්න බලාගෙන ඉන්න අන්තවාදී කණ්ඩායම්වලට.ආණ්ඩුව සැලසුම් සහගතව මෙම වැඩපිළිවෙළ දියත් කරමින් ඉන්නවා’”යනුවෙන් පවසා සිටියේය.