බටහිර බලවේග එකතු වී ජනතා විමුක්ති පෙරමුණ සුනුවිසුණු කර දැම්මා සේ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ කීර්තිනාමය පාවිච්චි කර ඔහු දැහැටි දඬුවක් මෙන් විසිකර දැම්මා සේ ජාතික හෙළ උරුමයද උගුලකට හසුකර ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.
අද (18දා) කොළඹ පැවැරති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ 2005, 2010 ට වඩා වියුරු වැටුණු සතුරන් මේ දේවල් සිදුකරන බවයි.
ජාතික ව්‍යාපාරය තුළ සිටි බලවේග තමන්ගේ උගුලට හසුකරගෙන පවිටු අරමුණු ඉටුකරගැනීමට දරන උත්සාහයට හසුනොවන ලෙසත්, ආපසු හැරීමට තවමත් කාලය තිබෙන බවත් හෙතෙම ජාතික හෙළ උරුමයෙන් ඉල්ලා සිටියේය.