යුද හමුදාවෙන් පැනගිය සෙබලුන් 10 දෙනෙකුට වැටුප් හා නවාතැන් ලබාදෙමින් ඔවුන් රාජපාක්ෂික භාවයෙන් මුදවාගත්බව චෝදනා කරමින් හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව තිබූ නඩුවෙන් ඔහු නිදොස් කෙට නිදහස් කරන ලදී.
කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය අද (09දා) මෙම නියෝගය දුන් අතර ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකමද නිදොස්කොට නිදහස් කර තිබේ.