හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට විදේශ ගතවීමට අධිකරණය විසින් පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කරන ලදී.
ඒ අනුව අධිකරණය සන්තකයේ තිබූ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් 100,000ක බැඳුම්කරයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය නියෝග කළාය.
ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ඇතිවී තිබෙන රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාගැනීමට සඳහා ෆොන්සේකා මහතාට සිංගප්පූරුව බලා පිටත්ව යාමට අවශ්‍ය බවට ඔහුගේ නීතඥයින් විසින් කරනු ලැබූ ඉල්ලීම සලාකා බලමින් මෙසේ ෆොන්සේකා මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කරනු ලැබිණි.
ඒ අනුව එළැඹෙන 20දා දක්වා ෆොන්සේකා මහතාට සිංගපූරුවේ ප්‍රතිකාර ලබාගැනීමට විදෙස් ගතවීමට අවස්ථාව ලැබේ.