2010 වසරෙන් පසුව ආණ්ඩුව සරත් ෆොන්සේකා මහතාට ඉතා අමානුෂික ලෙස සැලකූ බවත්, ඊට වඩා දේවල් තමන්ට ඉදිරියේදී සිදුවෙනු ඇති බවත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.නාවලදී ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සාමාජිකයන් පිරිසක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසේම එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමේ යුද්ධයේ වීරයා සරත් ෆොන්සේකා මහතා බවද හෙතෙම පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පසුගිය වසර දෙක තුළදී අලුතෙන් කිසිඳු සාමාජිකයෙකු පක්ෂයට බඳවා ගැනීමට නොහැකිවූ බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.