පොදු අපේක්ෂකයා ඉදිරිපත් කළයුත්තේ ප්රධාන දේශපාලන පක්ෂයකින් බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසූහ.
වෙන වෙන වෘත්තීන්වල යෙදෙන අය ඒ සඳහා ඉදිරිපත් කිරීමෙන් පලක් නොවන බව පැවසූ ෆොන්සේකා මහතා එවැනි අයෙකුට තමාගේ සහය හිමිනොවන බව කියා සිටියේය.
ප්රබල දේශපාලන පක්ෂයකින් යම් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත් ඔහු හෝ ඇය රටට කර තිබෙන සේවය සලකා බලා සහය ලබාදෙනවාද නැද්ද යන්න තීරණය කරන බවද ඔහු සඳහන් කළේය.පක්ෂයේ ප්රධාන කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවේදී හෙතෙම මෙම අදහස් දැක්වීය.
ඡායාරූපය ඉසුරු පෙරේරා