සරත් ෆොන්සේකා මහතා නායකත්වය දරන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සිටින තවත් පළාත් සභා මන්ත්රීවරු 6 දෙනෙකු ආණ්ඩුවට එක්වීම සඳහා සාකච්ඡාකර අවසන් බව අද (17දා) කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය විය.
ඉකුත්දා ආණ්ඩුවට එක්වූ එම පක්ෂයේ පළාත් සභා මන්ත්රීවරුන් තිදෙනා පැවැත්වූ මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් සම්බන්ධීකරණ කටයුතු සිදුකළ චින්තක පුංචිහේවා මහතා සඳහන් කළේ තවත් මන්ත්රීවරුන් තිදෙනෙකු පක්ෂය තුළ හිඳිමින් සහාය පළකිරීමට එකඟත්වය පළ කර ඇති බවයි.
ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් ඉවත්වන මන්ත්රීවරුන්, ආසන සංවිධායකයින් එකතු කර ප්රජාතන්ත්රවාදී පක්ෂයේ විකල්ප පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක් ගොඩනගන බව ද හෙතෙම කීය.