ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද අයිතිය දිනාගැනීම සඳහා අත්සන් දසලක්ෂයක් ලබාගැනීමේ වැඩසටහන අද (24දා) දින කිරිඳිවැල නගරයෙන් ආරම්භ කෙරුණි.
දිවයිනේ සෑම ප්රදේශයකින්ම මහජන පෙත්සමට අත්සන් ලබාගෙන අවසානයේදී ජාත්‍යන්තරයට එය ඉදිරිපත් කිරීමට ප්රජාතන්ත්රවාදී පක්ෂය සැලසුම් කර තිබේ.
එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා සඳහන් කළේ, සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද අයිතිය වෙනුවෙන් කිරිඳිවැල නගරයට විශාල ජනතාවක් පැමිණ අත්සන් ලබාදීම සිදුකළ බවයි.