ෆේස්බුක් හරහා වෛරී ප්‍රකාශ වර්ධනයක් සිදුවෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවැසීය. මෙය ඉවසිය නොහැකි බවත් ඒ සඳහා රජය ඉක්මන් තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. රජය ෆේස්බුක් සමාජ ජාලයට ඇතුළු වීමට පවරා තිබූ තහනම ඊයේ (16දා) ඉවත් කළේය.
