වහාම ක්රියාත්මක වන පරිදි ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට පිවිසීමට යොදා තිබූ බාධකය ඉවත් කරන ලෙස ජනපතිවරයා ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට දන්වා ඇත.
මේ සම්බන්ධව ට්වීට් පණිවුඩයක් ඉදිරිපත් කර ජනපතිවරයා පවසන්නේ, තමාගේ උපදෙස් පරිදි සිය ලේකම්වරයා විසින් ෆේස්බුක් හී නිළධාරීන් සමග සාකච්ඡා පවත්වා ඇති බවයි. එයින් අනතුරුව යළිත් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා වෛරී ප්රකාශ හෝ ප්රචණ්ඩත්වයට තුඩු දෙන අන්දමේ ප්රකාශ වෙනුවෙන් භාවිතා නොවනු ඇති බව එම නිළධාරීන් දන්වා ඇත. එම නිසා විදුලි සංදේශ නියාමන කොමිසමට වහාම ක්රියාත්මක වන පරිදි ෆේස්බුක් වෙත පවරා තිබූ මෙම තාවකාලික තහනම ඉවත් කරන ලෙසින් දැණ්ඩූ බවද ජනපතිවරයා පවසා සිටියි.