කිලිනොච්චිය, උරුත්තිරපුරම්, පූනකරී මාර්ගයේ නීවිල් ප්රදේශයේ වගා ළිඳක් තුළ යුද සමයේදී කොටි සංවිධානය විසින් සඟවා තිබූ මෝටාර් උණ්ඩ 17ක් හමුවූ බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
මේ දිනවල පවතින පවතින නියං තත්ත්වය හේතුවෙන් ජලය ලබාගැනීමට ඉඩම් හිමියෙකු විසින් වගා ළිඳ සුද්ධ පවිත්ර කරමින් සිටියදී එහි තිබී මෝටාර් උණ්ඩ හමුවී ඇති අතර, ඒ පිළිබඳ කිලිනොච්චිය පොලීසිය වෙත සිදුකළ දැනුම් දීමකින් පසු ළිඳ පරික්ෂා කිරීමේදී අදාළ මෝටාර් උණ්ඩ 17 සොයාගෙන තිබේ.
සොයාගත් මෝටාර් උණ්ඩ සියල්ල මිලිමීටර 60 වර්ගයේ ඒවා බවත්, දීර්ඝ කාලයක් ළිඳ තුළ තිබීම හේතුවෙන් දිරාපත්ව ගොස් ඇති අතර, යුද සමයේදී කොටි සංවිධානය ළිඳ තුළට දමා යන්නට ඇතැයි සැකකරන බවත් පොලීසිය පැවසීය.
සොයාගත් මෝටාර් උණ්ඩ කිලිනොච්චිය අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමට පියවර ගන්නා බව කිළිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.