ළමුන් 1000කට වැඩි සියලු පාසල්වලට ඉදිරියේදී කළමනාකාරවරුන් පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
මේ අනුව පරිපාලනයේ පහසුව සඳහා ළමුන් 1000කට වඩා වැඩි පාසල් සඳහා කළමනාකාරවරයෙකු ද, ළමුන් 2000කට වඩා වැඩි පාසල් සඳහා කළමනාකාරවරයෙකු මෙන්ම තවත් සහකාර කළමනාකාරවරයෙකු ද පත් කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ මෙම කළමනාකාරවරුන් පාසලේ පරිපාලන කටයුතු සඳහා සෘජුවම මැදිහත් වන අතර විදුහල්පතිවරයාට පාසලේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ අවස්ථාව මේ තුළින් හිමි වනු ඇති බවයි.
දුහල්පතිවරුන් සහ අධ්‍යාපනඥයන් කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන තිබෙන බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේය.