ළමා නිවාසයෙන් පැනගිය ගැහැනු ළමුන් දෙදෙනෙක් පොලිස් භාරයට
මාතලේ නගරයේ සැක කටයුතු අයුරින් හැසිරුණු ගැහැනු ළමුන් දෙදෙනෙකු ඊයෙ (16දා) පස්වරුවේ පොලිස් භාරයට ගත් බව මාතලේ පොලීසිය පවසයි.
මෙම ගැහැනු ළමුන් දෙදෙනා ඔවුන් රැඳී සිටි මාතලේ කොහොඹිලිවෙල කාන්තා ළමා නිවාසයෙන් පැන මාතලේ නගරයට පැමිණි බවට එහිදී අනාවරණය විය.
මෙසේ අත්අඩංගුවට ගත් ගැහැනු ළමුන් දෙදෙනා අවුරුදු (16) හා (14) වයසේ වන අතර මොවුන් නිශ්චිත අරමුණකින් තොරව ළමා නිවාසයෙන් පැන ඇති බවට තොරතුරු හෙළිවිය.
මාතලේ කොහොඹිලිවෙල කාන්තා ළමා නිවාසේ පාලිකාව විසින් ගැහැනු ළමුන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවට මාතලේ පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.
ඒ අනුව අත්අඩංගුවටපත් සැකකාර ගැහැනු ළමුන් දෙදෙනා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

