නීතිවිරෝධී අයුරින් පුද්ගලයන් විදේශගත කිරීමට තැත් කරන රැකියා ඒජන්තකරුවන් නිසා විදේශ රැකියාලාභීන් අපේක්ෂා භංගත්වයට පත්වූ සිදුවීම් රැසක් අනාවරණය කර ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකි වු බව කාර්යාංශය සඳහන් කරයි.
මෙවැනි පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් දුරකථන අංක ඔස්සේ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය දැනුවත් කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.දුර. 01122864119 / ෆැක්ස් - 01122864135
මෙවැනි වංචනික ආකාරයෙන් පුද්ගලයින් විදේශගත කිරීමට උත්සාහ කරන්නන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවත්, ඒ සම්බන්ධයෙන් අවශ්යශ සියලුම ක්රිියාමාර්ග ගැනීමට තමන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට උපදෙස් දුන් බව විදේශ රැකියා අමාත්ය් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.