නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට අබුඩාබි හරහා ඉතාලියට යාමට උත්සාහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් සහ ඒ සඳහා ආධාර අනුබල දුන් තැරැව්කරුවෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම තරුණයන් ඉතාලි යාම සඳහා එක් අයෙකුට ලක්ෂ 25ක් ගෙවිය යුතු අතර තරුණයන් ඉතාලියට ගිය පසු එම මුදල තරැව්කරුවන්ට ගෙවිය යුතු බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා යාපනයේ අච්චුවේලි, සහ නිර්වේලි යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර තැරැව්කරුවන් දෙදෙනා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.