හොරණ ප්රදේශයේ පදිංචි දරුවෙකු රාජාංගණයේ සෝමරතන නමින් හැඳින්වෙන ස්වාමීන්වහන්සේ නමක් විසින් රැගෙන ගොස් ඇති බවට හොරණ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
ලෝචන දුලන්ජ නමැති දරුවෙකු මෙසේ රැගෙන ගොස් තිබේ.
දරුවාට පාපැදියක් ලබාදීම සඳහා හොරණ නගරයට පැමිණි අවස්ථාවේදී ළමයා රැගෙන ස්වාමීන්වහන්සේ පලා ගොස් තිබේ.
දරුවා හා ස්වාමීන්වහන්සේ අතර ඥාති සම්බන්ධයක් පවතින බවද පොලීසිය පවසයි.