හොරට උප්පැන්න හදපු අයත් පාර්ලිමේන්තුවේ ඉන්නවා
"අවුරුදු පහක් හිරේ සිටිය යුතු හොරට උප්පැන්න, පාස්පෝට්, අයිඩින්ටි කාඩ් එක හදපු මන්ත්‍රීලා අද වන විට පාර්ලිමේන්තුවේ ඉඳගෙන සූකර දේශපාලනය කරනවා. අශූචි ගොඩේ ලැගලා ඉන්න සූකරයන්ගේ දේශපාලනය නිසා රටේ බොහෝ හානි සිද්ධ වෙනවා. අන්තිමේ ඒවයින් විඳවන්න සිදුවන්නේ අපේ රටේ කාන්තාවන්ටයි" යැයි මහා නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේදී අද (08දා) පැවති අභිමානි කාන්තා සංවිධානයේ හත්වැනි ඇගයීම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
"අද රටේ සමහර පෙදෙස්වල පුද්ගලික ගැටුම් ආගමික ගැටුම් බවට පත්වෙලා තියෙනවා. අම්පාරේ ආහාර සිද්ධියේ රස පරීක්ෂක වාර්තාව ඇවිල්ලා. රස පරීක්ෂක වාර්තාවේ පිටි ගුලියක් කියලා තියෙනවා. නමුත් වෙන්න තියෙන දේ වුණා. විශාල විනාශයක් වුණා. මේ ගැටුම්වලට සියයට සියයක්ම මුල් වෙන්නේ පිරිමි අයයි. කාන්තාවෝ මුල් වෙනවා අඩුයි. නමුත් අවසානයේ මේවයින් බැට කන්නේ කාන්නාවනුයි.
වංචනික ලෙස ජීවත් වෙන පිරිස් දේශපාලන වශයෙන් මේවා ඇතැම් අවස්ථාවල තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව පාවිච්චි කරනවා. ඇත්තටම කනගාටුවෙන් කියන්න ඕනෑ හොරට උප්පැන්න හදපු, පාස්පෝට් එක හදපු, අයිඩින්ටි කාඩ් එක හදපු අයත් ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඒ ගොල්ල ඉන්න ඕන අවුරුදු පහක් හිරේ. හැබැයි ඒ අය එළියට ඇවිල්ල වීරයෝ වගේ මේ වගේ කාරණා පිළිබඳ අදහස් දක්වනවා. මේ වගේ සූකර දේශපාලනය, අසූචි ගොඩේ ලැගලා ඉන්න දේශලපාලනය, සූකරයන්ගේ දේශපාලනය නිසා හුඟාක් හානි සිද්ධ වෙන්නේ අපේ රටේ කාන්තාවන්ටයි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


