කාර්මික දෝශයක් හේතුවෙන් එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය ගොඩ බැස්සවීමට යාමේදී අනතුරට පත්වූ බවත්, කිසිම අයුරකින් එය කඩාවැටීමක් සිදුනොවුණ බවත්, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.
ගාල්ල ප්‍රදේශයේ සහන සේවා කටයුතුවල නිරතව සිටි ගුවන් සෙබළුන් 10කුගෙන් හා තවත් බේරා ගැනීමේ කණ්ඩායමේ පස් දෙනෙකුගෙන්ද යුත් එම් .එයි .17 වර්ගයේ ගුවන්යානයක් හදිසියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද (29) පෙරවරුවේ ගාල්ල බද්දේගම ප්‍රදේශයට ගොඩබැස්සවීය.
හෙලිකොප්ටරයේ ඇතිවූ දෝසයක් හේතුවෙන් ගුවන් නියමුවා විසින් එය බද්දේගම ප්‍රදේශයට ගොඩබැස්සවීමට කටයුතු කර තිබුණි. මේ පිළිබඳව අදහස් දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා,
“මෙය කඩා වැටීමක් නොවෙයි. යානය ගොඩ බැස්සවීමට ස්ථානයක් නොවූ නිසා ආරක්ෂිත පියවරක් ලෙස මේ ආකාරයෙන් බද්දේගම ප්‍රදේශයට හෙලිකොප්ටරය ගොඩබස්සවා තිබෙනවා.
එමෙන්ම ගුවන් යානයට යම් කිසි හානියක් සිදුවෙලා තිබුනත් ඒගැන නිසි ආකාරයෙන් දැනගැනීමට හැකිවන්නේ එය නැවත එළියට ගත් පසුවයි” යනුවෙන් පැවසීය. මෙම අනතුරින් කිසිවෙකුටවත් හානියක් සිදුනොවූ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය .