නීතිවිරෝධීව ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 37 මිලිග්‍රෑම් 815 ක් සමග පුද්ගලයෙකු හා කාන්තාවක වැලිවත්ත ප්‍රදේශයේදී ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
සැකකරුවන්, 59 හැවිරිදි කාන්තාවක් හා 39 හැවිරිදි පුද්ගලයෙකි.
මොවුන් දෙදෙනා මව සහ පුත්‍රයා බවත් මත්ද්‍රව්‍ය සම්බන්ද පෙර වැරදි සඳහා මොවුන් දෙදෙනාටම ගාල්ල මහාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.
සැකකරුවන් ගාල්ල මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ උප පොලිස් පරීක්ෂක ඩී.ජී. ආනන්ද මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ගාල්ල - සිරංගිකා ලොකුකරවිට / හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්