හෙරොයින් ග්‍රෑම් 212ක් සමග ඉන්දීය ගුවන් මගියෙකු අත්අඩංගුවට
හෙරොයින් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරට රැගෙන පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (28දා) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ රේගුව පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය ජාතික 33 හැවිරිදි පුද්ගලයෙකි.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබූ ගමන්බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබී ඇසුරුම් දෙකක් ලෙස සකස් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 212ක් සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 21ක් පමණ වන බව රේගුව පවසයි.
නියෝජ්‍ය රේගු අධිකාරී පී.එච්.යූ.අයි. විජේපාල, සහකාර රේගු අධිකාරීවරුන් වන ටී.යූ.පී. වීරසිංහ, එන්.සී. වනිගසේකර සහ කේ.ඒ.පී.ජී. වීරසිංහ යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගත්හ.
සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ජගත් ඔබේසේකර සහ රේගු අධිකාරී එස්. ශාන්තප්‍රිය යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
- කටුනායක - ටී.කේ.ජී. කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



