මත්කුඩු ළග තබාගෙන ජාවාරම් කිරීමේ වරදට වැරදිකරුවන් වූ අඹුසැමි යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් අද (29දා) මරණීය දණ්ඩනය නියම කළේය.
ඉනෝකා ශ්‍යාමලී හා ජේකොබ් රිචඩ් වික්ටර් නැමැති අඹුසැමි යුවළට මෙසේ මරණීය දණ්ඩනය නියම විය. ඔවුරු බොරැල්ල මැගසින් පාරේ පැදිංචිකරුවන් වන අතර දරුවන් සිවුදෙනෙකුගේ මව්පියවරු වෙති.