ජාත්‍යන්තර හෙද නීතිරීති උල්ලංඝනය කරමින් මෙරට හෙද නිලධාරීන්ට සේවයට පැමිණීම හා පිට කිරීම සලකුණු කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් වහාම මෙම ක්‍රියාව නවතා දැමිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් වැඩවර්ජනයක් සිදුකර හෝ මෙම ක්‍රියාමාර්ගය නවත දමන බවද එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
පවතින ක්‍රමවේදය තුළ රාජකාරි කටයුතු වෙනත් හෙද නිලධාරියෙකුට බාරනොදී හෙද නිලධාරීන්ට සේවයෙන් ඉවත්ව යානොහැකි බවත්, එහෙත් මෙම ක්‍රමය තුළ නියමිත පැය ගණන සේවය කර සේවයෙන් ඉවත්ව යාමට හැකියාව ලැබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මේ හරහා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවයට දැඩි බලපෑම් එල්ල වන බවද ඔහු පැවසීය.