දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක නිරතව සිටියත් හෙට දිනයේදී මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් දුම්රිය අටක් ධාවනය කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.
මහනුවර, ගාල්ල, මාතර, වේයන්ගොඩ, අවිස්සාවෙල්ල හා පුත්තලම යන මාර්ගයන්හි මෙම දුම්රිය ධාවනය කරවීමට නියමිතය.
උදෑසනත්, සවසත් මෙම දුම්රියන් ධාවනය කරවනු ඇත.