විසිකොසින් ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමට ඉල්ලීම ඡන්ද වංචාවකට සැරසීමක් බව තේරීපත් ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මැතිවරණය ප්‍රතිඵලය වෙනස් කිරීමට හෝ එය වංචා කිරීමට උත්සාහ නොකර ප්‍රතිඵලයට ගෞරව කරමින් එය පිළිගැනීම සදාචාරාත්මක ක්‍රියා පිළිවෙත බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසයි.
එමෙන්ම, පසුගියදා මැතිවරණ ජයග්රහණයෙන් පසුව තමාවෙත සුබපැතුම් එක්කළ හිලරි ක්ලින්ටන්, මැතිවරණය ප්‍රතිඵලය පිළිගනිමින් අනාගතය දෙස බැලිය යුතු බවද ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකාවේ හරිත පක්ෂ අපේක්ෂිකා ජිල් ස්ටෙයින් විසින් විස්කොසින් ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමක් ඉල්ලා සිදුකර ඇති යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් ට්‍රම්ප් මෙසේ පවසා තිබේ. එමෙන්ම, ට්‍රම්ප් අතිශය තියුණු තරගයකින් ජයග්‍රහණය කළ මිචිගන් හා පෙන්සිල්වේනියා යන ප්රාන්තයන් හි ඡන්ද නැවත ගණන් කිරීමක්ද ඇය විසින් බලාපොරොත්තු වෙයි.
මේ අතර, හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරයද මේ වනවිට පවසා ඇත්තේ තමන් විස්කොසින් හි ඡන්ද නැවත ගණන් කිරීම සඳහා සූදානම් බවය. විශේෂයෙන්ම හරිත පක්ෂ අපේක්ෂිකාව විසින් ඉටුකරමින් සිටින්නේ හිලරි ක්ලින්ටන් පාර්ශ්වයේ උවමනාවක් බව මීට පෙර දේශපාලන විචාරකයන් පැවසූ ආකාරයටම දැන් එළිපිටම හිලරි පාර්ශ්වයද මෙම නැවත ගණන් කිරීම හා එක්වී ඇත.
කෙසේ වෙතත්, මෙම ප්‍රාන්ත තුනේම ජයග්‍රහණය ඩිමොක්රැටික් පක්ෂයට ලබාගැනීමකින් තොරව මෙවර මැතිවරණයේ පෙරළියක් කිරීමට අවස්ථාවක් නොමැති බවද විචාරකයෝ පෙන්වා දෙති.
.jpg)