වරකාපොල , ගලපිටමඩ - සල්ගල මාර්ගය සාදා දෙන්නැයි ඉල්ලමින් වැල්හැල්ල විහාරවාසී පැල්පිට ඉන්දරතන හිමියෝ උපවාසයක් ආරම්භ කර තිබේ.
මෙම මාර්ගයේ මැතිවරණ මෙහෙයුම් කාර්ලයාලයක් විවෘත කිරිමට පැමිණෙමින් සිටි සබරගමු පළාත් මහ අමාත්‍ය මහීපාල හේරත් මහතා මැතිවරණ කාර්යාලය විවෘත නොකර මගින් හරවා ගොස් ඇති බව වාර්තා වෙයි.
මේ වන විට එම ස්ථානයට ප්‍රදේශවාසීන් රාශියක් එක්ව සිටිති.
වරකාපොල රංගන රුවන්