මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ලබන ඔක්තෝබර් මස 08 වැනිදා තෙක් අත්අඩංගුවට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (28දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා අත්අඩංගුවට ගැනීම වළකාලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලීසියේ අධ්යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.