හිටපු නායකයාගේ ප්‍රතිචාර නිසා පළාත් පාලන ආයතන අගතියටම ගියා
පසුගිය ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ අගතිගාමී වැඩපිළිවෙළේ ආරම්භය පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ හැසිරීම සහ කි‍්‍රයාකාරිත්වය බවත් ඊට එවකට නායකයාගෙන් හිමිවූ ප්‍රතිචාරය එම ආයතන අගතිය කරාම ගමන් කිරීමට ඉවහල් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි
එළැඹෙන මැතිවරණයෙන් පළාත් පාලන ආයතනවලට පත්වන නව සභාපතිවරුන් සහ මන්තී‍්‍රවරුන් කුමන දේශපාලන පක්ෂයකට අයත් වුව ද වංචා, දූෂණ සහ ප්රචණ්ඩත්වය සඳහා ඔවුන්ට කිසිසේත් තමන්ගෙන් ඉඩක් නොලැබෙන බවද ජනපතිවරයා සඳහන් කළේය.
එලෙස හැසිරෙන සියලු දෙනා වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක කර ලබාදිය හැකි ඉහළම දඬුවම් ලබාදෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (31) පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
පළාත් පාලන ආයතනවලට පමණක් නොව ඉන් ඉහළ සියලු අංශවලට ඉදිරියේදී නීතියේ ආධිපත්‍ය තුළ කටයුතු කිරීමට සිදුවන බව ජනපති මෙහිදී අවධාරණය කළේය.
ජනතාවගේ මුදල් සොරා කමින් වංචාව, දුෂණය වැපිරූ යුගය තම පාලන කාලය තුළ නිමා කිරීම අපේක්ෂාව බවත්, යහපත් චර්යාවකින් ජනතා යහපත උදෙසා කැපවන මහජන නියෝජිතයින් පිරිසක් රට තුළ ගොඩනගන බවද කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

