වර්තමාන ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘතිවල මවුවරු හා පියවරු වීමට හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිනිය උත්සාහ දරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
ඔවුන් හිටපු ජනපතිවරුන් බව අමතක කර මෙම ක්‍රියාව සිදුකරන බවත්, එහෙත් ඔවුන් හිටපු ජනාධිපතිවරුන් බව මතක තියාගෙන කටයුතු කළ යුතු බවත් අද (09දා) පැවැති මාධ්‍ය සාකඡාවකදී හෙතෙම පවසා සිටියේය.