ජනපති ලේකම් කාර්යාලය අවමංගල්‍ය උත්සවයන්හි ශෝකය පළ කිරීමේදීත් මුදල් ගසා කා ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
අයවැය කාරක සභා අවස්ථාවේදි ජනපතිවරයාගේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
කෙසේ වෙතත් ඒ පිළිබඳව හිටපු ජනපතිවරයාට දොස් නගන්නේ නැති බවත් ඔහුගේ කාර්ය මණ්ඩලය කළ දේවල් සොයා බැලූ නොමැති නිසා එවැනි ගැටලු පැන නැගී තිබෙන බවද ජනපතිවරයා කීවේය.
රටක් ලෙස රට දිනවීමට ඉදිරියට යන ගමනේදී ඒ සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම සහාය අවශ්‍ය බව ජනපතිවරයා පැවැසීය.
විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසුවේ ජනපතිවරයාගේ වැය ශිර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පූර්වාදර්ශයක් ලබාදී ඇති බවයි.