කොළඹ මහාධිකරණය විසින් ඉන්දිය ජාතිකයින් පස්දෙනෙකුට මරණීය දඩුවම ලබාදීමට ගත් ක්‍රියාමාර්ගය සඳහා පැහැදිලි විසඳුමක් අවශ්‍ය බවත් එම ධීවරයින් නැවත සිය නිවෙස්වලට ගෙන ඒමට කඩිකම් පියවර ගන්නා ලෙසත් ඉන්දීය මධ්‍යම රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන ජී.කේ. වාසන් සඳහන් කරයි.
එසේම මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වාසන් පවසන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බලයට පැමිණිම සඳහා නෙයෙකුත් පොරොන්දු ලබා දුන්නත් ඒ එක් පොරොන්දුවක්වත් ඉටුකර නැති බවයි.
ද හින්දු පුවත් සේවය අද (9දා) වාර්තා කළේ ධීවර ගැටලුවට සාර්ථක විසඳුමක් ලබාදිමට අපොහොසත්විම හේතුවෙන් තමිල්නාඩු ධීවරයින් බොහෝ දෙනෙකුට සිය ජීවිකාව අහිමිවී ඇති බවත් වාසන් විසින් සඳහන් කළ බවයි.