හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පසුගිය සමයේ බොරැල්ල කින්සි පාරේ සුඛෝපබෝගී නිවසක් මිලදී ගැනීම හා ඒ සඳහා යෙදවූ මුදල් උපයාගත් ආකරය හෙළි කිරීමට නොහැකිවීමෙන් ඒ මහතාට එරෙහිව අද (25දා) කොළඹ මහාධිකරණයේදී අධි චෝදනා බාර දෙන ලදී.
රුපියල් මිලියන 27ක් යොදවා නිවස මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් නීතිපති වරයා විසින් පවර ඇති නඩුවට අධිචෝදනා භාර දෙන ලදී.
ඒ අනුව අද කොළඹ මහාධිකරණය විසින් නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා නියෝග කරන ලදී.
මේ අනුව රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 02ක් මත ඇප ලබා දීම සිදු කෙරිණි.