(VIDEO) හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වත්කම් හා බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීම පැහැරහැරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව දෙසැම්බර් 17 වැනිදින දක්වා කල් දැමීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (03දා) තීන්දු කළේය.
හිටපු අගවිනිසුරුවරියගේ පෞද්ගලික බැංකු ගිණුම් පරීක්ෂා කළ හැකිද යන්න පිළිබඳව කරුණු දැක්වීම සඳහා මහ බැංකුවේ බැංකු පිළිබඳ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂිකාව වෙත පසුගිය සැප්තැම්බර් මාසයේ නොතීසි නිකුත් කළ අතර, අද ඇය අධිකරණයේ පෙනී සිටිමින් ප්රකාශ කළේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පෞද්ගලික බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ලබාදීමේ හැකියාවක් මහ බැංකුවට නොමැති බවයි.