හිටපු අගමැතිවරුන්ටත් විවිධ දීමනා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ඔවුන්ට නිල වාහනයක්, රුපියල් 25000ක මාසික දීමනාවක් හා ඉන්ධන දීමනාවක්ද හිමිවෙනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වරප්‍රසාද පමණක් මේවන විට හිටපු අගමැතිවරුන්ට හිමිවන අතර එයට අමතරව මෙම දීමනා හිමිවේ.
හිටපු අග්‍රාමාත්‍යවරුන් වන රත්නසිරි වික්‍රමනායක, දී.මු. ජයරත්න යන අය සඳහා මෙම දීමනා හිමිවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.