හිඟුක්ගොඩ ප්‍රා සභාපතිගේ පුටුව ඔසවන් යයි
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පළමු සභාවාරය අද (02දා) පෙරවරුවේ පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංත්‍රීවරු කළුපටි සහ වෙස් මුහුණු පැලඳ සභාවට පැමිණ සභාව තුළ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් සභාව මෙම මස 28දා දක්වා කල් දැමීමට එහි සභාපතිවරයා වන ඩී. ආර්. උඩවත්ත මහතා පියවර ගත්තේය.
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්වීම නීත්‍යානුකූල නොවන බවට පවසමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මෙසේ විරෝධතාව දැක්වීය.
මෙහිදී සභාපතිවරයා සභාව අමතන අතරතුර සභාපතිවරයාගේ සභාපති අසුන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංත්රීවරයෙකු විසින් ඔසවාගෙන සභාවෙන් එළියට රැගෙන ගිය අතර, පොලීසියේ මැදිහත් වීමෙන් සභාපති පුටුව නැවත සභාපතිවරයාට ලබාදීමට කටයුතු කළේය.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත්ව සිටින ඩී. ආර්. උඩවත්ත සභාපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංත්‍රීවරු 13 දෙනාට අමතරව ඇතැම් එක්සත් ජාතික පක්ෂ මංත්‍රීවරුද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මංත්‍රීවරුද සිය විරෝධය දක්වන අයුරු දක්නට ලැබුණි. මෙහිදී ඇතිවූ නොසන්සුන්තාවය සමථයකට පත්කිරීම සඳහා හිඟුරක්ගොඩ පොලීසියටද මැදිහත් වීමට සිදුවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




