හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (23දා) ස්ටිකර් මුද්‍රණ ආයතනයන සිදුවූ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ සජිත් හිමාල් නැමැති 34වියේ පසුවන පුද්ගලයෙකු සහ කාරියවසම් පතුවත විතානගේ තුෂාන් ධනුද්දර 26වියේ පසුවන කුමාර කන්ද, දොඩම්දූව පුද්ගලයෙකි.
මෙම මුද්‍රණ ආයතනයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි හික්කඩුව පොලීසිය සඳහන් කරයි.
සිදුවීම සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
.jpg)