වැඩවර්ජන පවත්වමින් උද්ඝෝෂණ කරමින් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
රටක් සංවර්ධනය කරා යාමට නම් මහන්සිවී වැඩකළ යුතු බවත් ඒවෙනුවෙන් කැපවීමද අවශ්‍ය බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ජී.එස්.පී.+ බදු සහනය හිමිවීම තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවස්ථාව උදාවී ඇතැයි අද (17දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි පැවසූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
“රට ගොඩගන්නනම් අපි මහන්සිවෙන්න ඔන. වැඩ කරන්න ඔන. හැමදාම වැඩ වර්ජන කරලා උද්ඝෝෂණ කරලා රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. අපි මහන්සිවෙලා වැඩකරන්න වෙනවා”