ඉදිරි ජනාධිපතිවරණයේ දී ජාතික හැඳුනුම්පත හෝ පිළිගනු ලබන අනන්‍යතා පත්‍රයක් නොමැති පිරිසට ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාවක් කැෆේ සංවිධානය, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR) සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක්ව දිවයිනේ පළාත් ගණනාවකම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
බදුල්ල, ත්‍රිකුණාමලය සහ මාතර යන දිස්ත්‍රික්කවල ඉදිරි ජනාධිපතිවරණයට පෙර ජාතික හැඳුනුම්පත් ලබාදීම සඳහා මෙම සේවාව ක්‍රියාත්මක කරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.