හැටන් පන්මූර් වතුයායේ වතුකම්කරුවන් හත්දෙනෙකු පහරදි තුවාල සිදුකළ දිවියා අල්ලා ගැනීම සඳහා ඊයේ (03දා) අටවන ලද උගුලට දිවියා හසු නොවූ බව වනජීවි නිලධාරීහු පැවසූහ.
මේ අනුව දිවියා නිතර නිතර සැරි සැරූ ස්ථානයක කොටියා අල්ලා ගැනීම සදහා විශේෂ කූඩුවක් යොදා ගනිමින් උගුලක් ඇටවීමට මධ්‍යම පළාත් සහකාර වනජීවි අධ්‍යක්ෂක පී.එම්. වීරසිංහ මහතා කටයුතු කර වනජීවි නිලධාරීන් විසින් සුනඛයෙකු යොදාගනිමින් යකඩ කූඩුවක ආධාරයෙන් දිවියා අල්ලා ගැනීමට උගුලක් අටවන ලදී.
දිවියා අල්ලාගැනීමට සිදුකළ මෙහෙයුමේදී අලි වෙඩි පාවිච්චි කිරීම නිසා දිවියා බියවී තේ වතුයායෙන් රක්ෂිතය දෙසට පලා යන්නට ඇති බව වනජීවි නිලධාරීහු සැකකරති.
බිය නිසා වතුකම්කරුවන් වැඩවර්ජනය කිරීම හේතුවෙන් එම වතුයායේ තේ දළු නෙළීමේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර වි ඇති බව වතු අධිකාරිවරයා පැවසීය. බියත් සමග එම වතුයායේ පිහිටි පන්මුර් දෙමළ මහා විද්‍යාලයටද ළමුන්ගේ පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබෙන බව එම විදුහලේ ආචාරවරයෙක් සඳහන් කළේය.