ලොව පුරා රටවල් 100කට ආසන්න සංඛ්‍යාවක පරිගණක 75,000ක පමණ ප්‍රමාණයකට හානි ගෙනදුන් හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය හෙවත් 'සර්ට්' ආයතනය අවධානයෙන් පසුවන බව එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.
ලොව පුරා මහත් ආන්දෝලනයක් සිදුකරමින් පසුගියදා (12දා) හටගත් 'Wannacry' නම් මෙම වෛරස් හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් 'අද' පුවත්පත කළ විමසීමකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
මේ අතර අදාළ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ පරිගණක වෙත බලපෑමක් එල්ල වී ඇත්දැයි යන්න ප්‍රකාශ කිරීම සඳහා අද (15දා) ගතවන තුරු සිටීමට සිදුව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
විශේෂයෙන්ම ප්‍රහාරය එල්ල වූ පසුගිය සතිඅන්තය මෙරට බොහෝ රජයේ සහ අනෙකුත් කාර්යාල තුළ නිවාඩු දිනයක් වීම ඊට හේතුවයි.
''මේ හැකර් ප්‍රහාරය හරහා එල්ල වුණු වෛරසය, 'රැම්සම්වෙයා' නමින් හඳුන්වන ප්‍රහාරයක් එල්ල කරලා, එය යළි සකස් කරන්න කප්පම් ඉල්ලීමක් ආකාරයෙන් සිදුකරවූවක්.
එහි වැඩිම බලපෑම වෙලා තියෙන්නේ යුරෝපයට, රුසියාවට සහ ඇමෙරිකාවට. ආසියාව පැත්තෙනුත් කිසිම සිදුවීමක් මේ වනතෙක් වාර්තා වෙලා නෑ. අපට දැන්ම කියන්න බෑ ශ්‍රී ලංකාවේ පරිගණකවලට මොනවාද වෙලා තියෙන හානි කියලා. මොකද මේ ප්‍රහාරය එල්ල වුණේ අපේ රටේ සියලුම රජයේ සහ අනෙකුත් ආයතනවල සති අන්ත නිවාඩුවේදී.
ඒ නිසා අද තමයි ඒ ගැන පරීක්ෂා කරන්න වෙන්නෙ. කොහොම වුණත් මේ එල්ල වුණු ප්‍රහාරය වගේම ඉදිරියේදී ඇති විය හැකි යැයි අනුමාන කර තිබෙන මෙවැනි හැකර් ප්‍රහාර ගැන සර්ට් ආයතනය විදියට අපි අවධානයෙන් පසුවෙනවා'' යැයි චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.