ඉන්දුනීසියාවෙන් හා පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ආධාර ලෙස ලබාදෙන ලද සහල් මෙට්‍රික් ටොන් 15000ක් රජය විසින් සත්ව ආහාර සඳහා විකිණීමට සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ පසුගිය ගංවතුර තත්ත්වය අවස්ථාවේදී ඉන්දුනීසියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 5000ක් සත්ව ආහාර සඳහා අලෙවි කිරීමට ලන්සු කැඳවා ඇති බවයි.
එසේම පාකිස්තානයෙන් ලැබුණ තවත් සහල් මෙට්‍රික් ටොන් 10000ක් පමණ වරාය ගුදමේ පවතින බවත් එයද විනාශ වෙමින් යන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මෙය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
