පවුල් ආණ්ඩුව පරාජය කරමින් බිහි වූ එජාප - ශී‍්‍රලනිප හවුල් ආණ්ඩුව ජනතාවට බරක් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.
මේ වන විට පත්කර තිබෙන අමාත්‍ය මණ්ඩලය ඊට හොඳම උදාහරණයක් බවඳ විද්‍යාත්මක පදනමකින් අමාත්‍ය මණ්ඩලයක් පත් කරන බව මුලින් ප්‍රකාශ කෙරුණද දැන් පත්කර තිබෙන අමාත්‍ය මණ්ඩලයේ එවැනි කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව විජිත හේරත් මහතා පැවසීය.
හවුල් ආණ්ඩුවේ ප්රමුඛ අපේක්ෂාව වී ඇත්තේ එකිනෙකාට ඇති චෝදනා යට ගැසීම බවද විජිත හේරත් මහතා පැවසුයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය